විදුහල්පති පණිවිඩය
බ/යල්වෙල මහා විද්‍යාලය

ඌව පළාතේ දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති අප පාසල නුවණැති, බුද්ධිමත් සිසුන් පිරිස් සිටින දීප්තිමත් පාසලකි. අතීතයේ සිටි සියලුම විදුහල්පතිවරුන් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කළ කැපවීම සහ විශිෂ්ට සේවය ගෞරවයෙන් සිහිපත් කරමි. පාසල් ප්‍රජාවගේ සුභසිද්ධිය උදෙසා දියත් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති, අධ්‍යාපනික වැඩසටහන් ආදිය පිළිබඳව දැනුවත් කිරීම පිණිස මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට හා මෙම වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ දියුණුවට සහයෝගී තාවය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
අප පාසලේ වෙබ් අඩවිය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති
බ/යල්වෙල මහා විද්‍යාලය