සොභාව සෞන්දර්යයෙන් පිරිපුන් පරිසරයක පිහිටි අප පාසල අද වන ටිට අප ග්‍රාමයටම ආලෝකයක් වුු කිිර්තිමත් විඳුබිමක් බවට පත්ව ඇත.
බ්‍රිතාන්‍ය යටත් විඡිත පාලන සමයේ එනම් ,වර්ෂ 1936 ඔක්තෝම්බර් 1 වන දින මඩුගල්ල දිසාව විසින් ඉඩම පවරාගනෙ ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ දායකත්වය ඇතිව යල්වෙල ගම්මානයේ ආරම්භ කරන ලදි.එසේ ආරම්භ කරන ලද පාසලේ මුල් ගුරුතුමන් වූයේ W.K.කුලතුන්ග ගුරු භවතාය.හෙතෙම මෙම විදුබිමේ මුල් විදුහල් පතිතුමා ද වන ඔහු වසර 2 කට ආසන්න කාලයක් මෙම විද්‍යාලයේ සේවය කර ඇත.පාසලේ මුල්ම ශිෂ්‍යා ලෙස සැලකෙන්නේ H.M. ගුණරත්න මහතාය.
5 වසර ශිෂ්‍යත්වය,අ.පො.ස.සා.පෙළ,අ.පො.ස.උ.පෙළ යන විභාගය සදහා මෙම විද්‍යාලයේ පෙනී සිටින සිසු සිසුවියන් සෑම වර්ෂයකදීම ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වන අතර 2016 වර්ෂයේ දී අ.පො.ස.උ.පෙළ විභාගයෙන් කලා අංශයේ ඉගෙනුම ලැබු ශ්‍රීමාලි හංසිකා ශිෂ්‍යාවට විශ්ව විද්‍යාල වරම් ලැබීම මෙම විද්‍යාල ඉතිහාසය වර්ණවත් කළ සුවිශේෂි සිදුවීමක් වන අතර ඉන් පසු සෑම වර්ෂයක් පාසාම විශ්ව විද්‍යාලයට අමතරව විද්‍යා පීඨ හා විවිධ අධ්‍යාපන පාඨමාලා හදාරන බොහෝ පිරිසක් දැයට දායාද කිරීම කැපී පෙනෙන ප්‍රවණතාවයකි.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය හා ද්වීතීක අංශය යන අංශ යටතේ ක්‍රියාත්මක වන අතර පහසුකම් සහිත විද්‍යාගාරක්,ගණිතාගාරයක්,නර්ථන අංශයක්,තොරතුරු තාක්ෂණික අංශයක් යනාදියෙන් සමන්විත මෙම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ඇතුලු ගොඩනැගිලි පහක් සිසුන්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනයට පන්ති කාමර ලෙස පවතී.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 25 කින් සමන්විත අතර 400 යකට පමණ ආසන්න වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළටම ඔසවා තැබිිම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් ඇප කැප වී සිටී.” විදුබිමෙන් මව් බිමට විශිෂ්ටයින්” යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණ කරා පියනැමීමට අධ්‍යන,අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද ,දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගේ ද ලැබෙන සහය විශාල ශක්තියක් ය.වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා විිම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
ආරම්භ කළ වර්ෂය - 1936
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව - 4
පාසලට ගිය මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව -14
මුල් ගුරුතුමාගේ නම - w.k.කුලතුංග
පාසලේ ආදී කතෘගේ නම -w.k.කුලතුංග
පාසලේ මුල්ම ගොඩනැගිලි සංඛ්‍යාව - 1
පාසලේ නම - බ/යල්වෙල මහා විද්‍යාලය
පාසල රජයට පවරාගත් දිනය - 1936
පාසල පැවැත්වූ ස්ථානය - යල්වෙල ගම්මානයේ