දිවි මග කතරට පිළිපන් සිසුනට කටු අතු ඉති හරිමින්
නිසි මග පෙන්වන යල්වෙල විදුමව නමදිමු අපි බැතියෙන්
සැරදේවා----සැරදේවා----විදුමව සැරදේවා---//
දසත සුවඳ දෙන ඔබෙ සිප් සයුරින් දස දෙස පතුරමු මෙත් කරුණා
නැණ ගුණ පහනින් දල්වමු ලොව දම් යුක්ති අතින් දිලෙනා
සැරදේවා----සැරදේවා----විදුමව සැරදේවා---//
දිවි මග කතරට-----
මියුගුණ පායා රිවි මඩලක් සේ සැමදා දිලෙනයුරු
දින දින පුබුදයි වන බිගු කැලමෙන් සිසුගුණ නැණ තඔුරු
සැරදේවා----සැරදේවා----විදුමව සැරදේවා---//